අද වෙනකොට ලංකාව දැඩි අරබුධකාරී තත්වයකට මුහුණ දෙමින් ඉන්නෙ අරබුධය කොතරම්ද කියනවනම් අත්‍යාවශ්‍ය ඖෂධ තෙල් ගෑස් ටික බා ගන්නෙත් නැව වරායට ආවම කොහෙන් හෝ සල්ලි හොයල. පසුගිය වසර දෙක පුරාවටම රුපියල අවප්‍රමාණය වීම පාලනය කරන්න USD මිලියන 5500 ක් නාස්ති කිරීම වගේම නිසි ඩොලර් ආදායම් ලබාගත හැකි ක්‍රමවේදයන් නොමැතිවීම හරහාත් අරබුදය උඩුදුවල තියෙනව සීමාව ඉක්මවාම.

JVP සහ වාමාංශික බටහිර විරෝධී කියන ඇහුවම ගැම්මක් තියෙන හොයල බැලුවම කිසි තේරුමක් නැති සටන් පාඨ කරගත්ත සහ ජාතික වාදී කියල කියන මිනිස්සුන්ගෙ හණමිටි අදහස් අනුව උදාහරණයක් ගත්තොත් පලවෙනි පරාක්‍රමභාහු රජතුමාගෙ කාලෙ ලෝකෙටම හාල් දුන්න වගේ කතා දක්වන්න පුලුවන්. මේ ප්‍රකාශයම ගත්තොත් පලවෙනි පරාක්‍රමබාහු රජතුමා රජ කරන්නෙ 1153 සිට 1186 දක්වා කාලසීමාවේ. 1100 – 1200 අතර ලෝක ජනග්‍රහණය කෝටි 30 – 36 අතරෙ තමයි පැවතියේ 1800 වෙද්දි ලංකාවෙ ජනග්‍රහනය විතරක් ලක්ෂ 12 ක්. ඒ කාලෙ චීනෙට මියන්මාරයට හාල් දුන්නට දැන් මේ වර්ග කිලෝමීටර 65625 ම වැවුවත් අපිට අඩුම චීනෙට වත් හාල් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න බෑ. අනික ඒ කාලේ ලංකාව හාල් සපයන හබ් එකක් උනාට ඒවා ලංකාවේ නිපදවපු හාල් නෙමෙයි,ලංකාවෙ ජනග්‍රහනය ලක්ෂ 215 ට ආසන්න වෙද්දි ලෝක ජනගහනය කෝටි 795 ක්. අද විතරක් නෙවෙයි 1937 ,38 වර්ශ වල පලවෙනි ලෝක යුධ සමයේ සහල් ආනයනයට භාධා ඇවිල්ල සාගතයක් ඇවිත් බජිරි කාපු යුගයක් ගැන අහල ඇති. 1952 දිරබර් සහල් ගිවිසුම එන්නෙත් චීනයට අවශ්‍ය රබර් අපෙන් ගන්නත් අපිට අවශ්‍ය හාල් චීනෙන් ලබා දෙන්නත් හුවමාරු වෙළඳ ගිවිසුමක් විදියට. අපි දන්න ඉතිහාසයේ ලංකාවම හාල් ස්වයංපෝශිත උනේ 2001 2002 රනිල්ගෙ ආණ්ඩු කාලෙ ඒකටත් හේතුව මාස දෙකෙන් අස්වැන්න එන හයිබ්‍රිඩ් හාල් විශේශය සහ යූරියා නිසයි. 1970 කාලෙ අපි හාල් හිඟය පියවන්න හාල් ආනයනය කලේ අපේ රටේ අවශ්‍යතාවයට වත් හාල් කාබනික පොහොර වලින් නිපදවාගන්න බැරි උන නිසා අදත් ලංකාවෙ අපිට හාල් වලින් ස්වයං පෝශිත වෙන්න විදිහක් නෑ. අපනයනය කිරීමක් ගැන හිතන්නත් බෑ.

ගොවි තැන කෘෂිකර්මාණ්තය පාඩු ලබන ප්‍රධාන කාරනය ඉතා කුඩා බිම් ප්‍රමාණයකින් සාම්ප්‍රධායික ක්‍රමයට වගා කරල යැපෙන්න විශාල යැපෙන්නන් ප්‍රමාණයක් හිඳීම. කෘෂිකාර්මික කටයුතු සඳහා නවීන තාක්ෂණය භාවිතා වීමක් සිදුවන්නේම නැති තරම්. ඇමරිකාවෙ දෙන්නෙක් තුන්දෙනෙක් එකතුවෙලා අක්කර 500 වවද්දි අපේ අක්කර දහය වවන්න 15 ක් වත් ඕනෙ. අන්තිමට වක්‍රාකාරව බැලුවම අපි භූමියත් ඉතුරුකරගෙන පිටරටින් හාල් කිලෝව 100 ට ගේන්න පුලුවන් කම තියාගෙන මෙහේ මිනිස්සු මැරිල මැරිල කිලෝව 220 ට කන්නෙත් ගොවීන්ටයි පාරිභෝගියටයි රජයටයි සියල්ලටම පාඩු පිට. ගොවීන්ට වෙන ආර්ථිකව ලාබදායී බෝගයක් හඳුන්වාදීල් හෝ නවීන තාක්ෂණයෙන් සන්නධ කිරීම හැරෙන්න වවාගෙන කෑමෙන් නම් වෙන්නෙ පාඩුවක් විතරක් නෙවෙයිද ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *