රටක් හැටියට ආර්ථිකව වැටිල ඉන්න මේ වගේ වෙලාවක භූමිය හෝ ව්‍යාපාර රාජ්‍ය ආයතන විකුණන බදුදෙන ආකාරයන් කල්පනා කරනවා වගේම විශේෂයෙන් අපිට පුළුවන් විදේශ විනිමය විශාල වශයෙන් උපයන්න පුලුවන් අපේ අධ්‍යාපනය විකුණලා.

ගොඩක් අය එක පාරටම බය උනාට අපේ රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරල ඒ අධ්‍යාපනය දියුනු රටවල අධ්‍යාපන ක්‍රමය හා සමානුපාතිකව ඒ හා සමාන්තවර දියුණු කිරීම හරහා අපේ රටේ අධ්‍යාපනය විකුණන්න මාවත විවෘත්ත කරගන්න පුලුවන්. උදාහරණයක් විදියට ගත්තම දැන් මැදපෙරදිග රටවල ඇමරිකානු බ්‍රිතාන්‍ය සහ ඉන්දියානු පාසල් අධ්‍යාපන ආයතන විශාල ප්‍රමාණයක් තියෙනව. ඒත් ඒ එක් එක් පාසල් වල අධ්‍යාපන ක්‍රමයේ සිලබස් වල වෙනස් කම් බොහොම අඩුයි. ඒ සියල්ලම එක හා සමානව දැනුම යාවත්කාලීන වන අනාගතයට ගැලපෙන අධ්‍යාපන ක්‍රම මත ගොඩනැගිල තියෙනව.

නාසා ආයතනය ඇපල් සමාගම ගූගල් සමාගම වගේ ලොව පුරා විසිරිලා තියෙන ප්‍රධාන IT සමාගම් වල ඉන්දියානුවන් විශාල පිරිසක් වැඩ කරන එකෙ රහස බ්‍රිතාන්‍යයේ හෝ ඇමරිකාවේ ඉගෙනුම ලබන සිසුවෙක් ලබන it දැනුම ගණිත දැනුම එම ඉන්දියානු සිසුන්ට ඔවුන්ගේ අධ්‍යාපන පද්දතිය තුල ඉගෙනුමට අවස්ථාව නිර්මාණය වෙලා තියෙන හේතුව. මැදපෙරදිග රටවල ඉන්න බහුතර හෙද හෙදියන් ඉන්දියානුවන් එයටත් හේතුව ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමය හරහා දියුණු රටක් බලාපොරොත්තුවන දැනුමෙන් සන්නද්ද හෙද හෙදියන් බිහි කරන්න ඉන්දියානු අධ්‍යාපන ක්‍රමය සමත් වීම. ගෘහ සේවක සේවිකාවන් කම්කරුවන් DDD සේවකයින් විදෙස් වෙළඳපලට සපයනවාට වඩා විශාල විදේශ විනිමයක් වෘත්තීයමය සුදුසුකමක් සහිත දැනුමෙන් සන්නද්ධ පිරිසක් පුහුණු සේවකයින් ලෙස විදෙස් වෙළඳපලට එක් කිරීමෙන් රටකට ලබා ගන්න පුළුවන්.

අවුරුදු 500 ක වගේ ඉතිහාසයකට උරුමකම් කියන ඇමරිකාව සහ අවුරුදු දහසකට අඩු ඉතිහාසයන් තියෙන සමහර බටහිර රටවල් තමන්ගේ පුරාවිද්‍යාත්මක ස්ථාන සංචාරක කර්මාණ්තයේ විශාල ආදායමක් ලබාගනිද්දි අවුරුදු 2500 කට එහා ලිකිත ඉතිහාසයක් තියෙන අපේ රටේ දවසින් දවස අපේ පුරාවිද්‍යාත්මක වටිනාකම් විනාස වෙනව. විදේශිකයෙක් එ ස්ථානයක් නරඹන්න ආවම අවම මූලික පහසුකම් වත් නෑ. තොරතුරු ලබාගන්න නිවැරදි හැකියාවක් නෑ. ප්‍රශ්ණ ගොඩක්. ඕවට විදේශ රටවල වගේ උසස් අධ්‍යාපනය ලබන හෝ පාසැල් සිසුන්ව අමතර රැකියාවක් විදියට අරගෙන පහසුකම් අනුව හරි ඇතුල්වීමේ ගාස්තුවක් අයකරල වැඩි විදේශවිණිමයක් උපයන්නත් පුළුවන් අදාල පුරාවිද්‍යා ආයතන නිසි ආකාරයට සංරක්ෂණය කරන්නත් පුළුවන්.

බොහෝ රටවල් තම තමන්ගේ නිශ්පාදනයන් හෝ සේවාවන් හරහා තමයි වැඩි වශයෙන් තම තමන්ගේ විදෙස් සන්චිත වැඩිකරගන්නෙ විදෙස් ආදායම් ලබන්නෙ නමුත් තමන්ගේ නිශ්පාදනයන් මොනාද කියන එක ගැන පැහැදිලි අවබෝධයක් ඔවුන්ට තියෙනව ඇමරිකාව ඇතුලු සමහර බටහිර රටවල් ගත්තම ඝමන්ගේ රටට අවශ්‍ය ප්‍රධාන උපකරණ තමන්ම නිශ්පාදනය කරගන්නා අතරෙ කුඩා උපකරණ තමයි ඉන්දුනීසියානු චීන වියට්නාම් රටවල නිශ්පාදනය කරන්නෙ. ඒ වගේම චීනය ගත්තත් තමන්ගෙ රටට අවශ්‍ය විශාල උපකරණ තමන් නිශ්පාදනය කරගෙන ලෝකෙම වෙළඳපල අල්ලගෙන ඉන්නෙ කුඩා උපකරණ සෙල්ලම් බඩු කුඩා ඉලෙක්ට්‍රොනික් උපාංග වගේ දේවල් වලින් ලෝකෙම මාර්කට් එක අල්ලගෙන තියෙන්නෙ.

අද ඇමරිකාව ජර්මනිය ඉතාලිය වගේ රටවල් ඉහල ධනවතුන්ට අවශ්‍ය වාහන නිශ්පාදනය කරද්දි ජපානය මධ්‍යම පැලැන්තියට අවශ්‍ය වාහන නිශ්පාදනය කරද්දි ඉන්දියාව ලෝකෙටම මිල අඩු වාහන නිපදවීමේ යෙදී ඉන්නව. මුලින්ම අපි රටක් විදියට අපේ නිශ්පාදනයක් මොනාද අපි ඉලක්කකරන වෙළඳපල මොකක්ද කියන එක ගැන මුලින් කල්පනාකරල සැලසුම් සකස් කරල ඉන්න ඕනෙ. අපි පසුගිය යහපාලන රජය කාලයේ කුලියාපිටිය හොරණ කළුතර ආශ්‍රිතව වාහන එකලස් කිරීම් අමතරකොටස් නිපදවීම් ටයර් නිපදවීම් වගේ එක ලයින් එකක් අල්ලගෙන ආව ඒව දීර්ඝකාලීන සැලසුම් සහගත වැඩ වෙන්න ඕනෙ. ආණ්ඩු මාරු උනාම වෙනස් වෙන දේශපාලන ඇජෙන්ඩා වලට නැවෙන්නෙ නැති දේවල් වෙන්න ඕනෙ.

අද ඉන්දියාව තමන්ගෙ රටේ විශාල සමාගම් වලට ආයෝනන අවස්ථා විවෘත්ත කරල තියෙනව Iphone samsung වගේ ආයතන වල කර්මාණ්තශාල ඒ රටේ ඉදිවෙනව අපිත් ප්‍රධානම භාණ්ඩ නැතත් කුඩා අමතර කොටසක් හෝ හදන්න පටන් ගන්න ඕනෙ ලෝකෙටම දෙන්න පටන් ගන්න ඕනෙ. ඒක අල්පෙනෙත්තක් උනත් කමක් නෑ.

අපිට ඒ සඳහා තියෙන්නෙ එක් විශාල භාධාවක් විතරයි. ලිං ගෙම්බො වගේ මේක ඇතුලටම වෙලා ඉඳගෙන මේකෙම වරුණාව කිය කිය දේශප්‍රේම කිය කිය අන්තවාදය වපුරගෙන දේශපාලනය කරන කඩාකප්පල් කාරීන් හැරුණම ඒ ගමනට වෙන කිසිම භාධාවක් නැහැ. දැන් උනත් තෙල් පෝලිමේම ඉඳල ඇතිවෙලා ඕනෙ තෙල් ටික විතරක් ගහගෙන ගෑස් හිඟය අඩුවෙලා උද්දමනය අඩුවෙලා ආර්ථිකේත් යම් සහනයක් ලැබිල ඉස්පිරිතාල වලට බේත් ඇවිල්ල ඔය සෙට් එකට පුටුවක් උඩට වෙලා ෆෝන් එක ඔබ ඔබ ඉන්න ලැබුනොත් ආයෙ ඕනෙ වෙනව රට බේරගන්න. අර තම්බි අරගලේට දුන්නෙ වඳ බුරියානිද දන්නෑ කියල කල්පනා වෙනව. ඕකුන් එක්ක මම ඔය උඩින් කියපු කාරණා ක්‍රියාත්මක කරගන්න වෙන්නෙ නැහැ.

ඔය ටික කලොත් නම් ආයෙ මේ රටට ලේසියෙන් විදේශ විනිමය සම්බන්ධව ගැටලුවක් එන එකක් නැහැ. අපිට ජීවත් වෙන්න මේ තරම් අමාරු වෙන එකක් නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *